May 08, 2024

රන්ජන්ගේ මන්තී‍්‍ර ධුරය තවම අහෝසි නෑ - පාර්ලිමේන්තුවෙන් ගන්නා තීන්දුව මෙන්න

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව නිල වශයෙන් ලැබීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඉදිරි කි‍්‍රයාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාගේ මන්තී‍්‍ර ධුරය අදාළ කි‍්‍රයාමාර්ග ගන්නා තෙක් අහෝසි නොවන බව ද පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

සිරදඩුවම් නියම වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා ඊයේ(12) පස්වරුවේ බන්ධනාගාර නිලධාරීන් විසින් මීගමුව, පල්ලන්සේන බන්ධනාගාරයට රැගෙනඑනු ලැබීය.
බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසුවේ නිරෝධායන කි‍්‍රයාවලිය සදහා යොමු කිරීමට මන්තී‍්‍රවරයා එම බන්ධනාගාරයට රැගෙන ආ බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණය මන්තී‍්‍රවරයාට දඩුවම් නියම කිරීමෙන් අනතුරුව ඔහු වැලිකඩ බන්ධනාගාරයට ගෙන ගොස් අදාළ ලියාපදිංචි කිරීම ඇතුළු මූලික කටයුතුවලින් අනතුරුවයි පල්ලන්සේන බන්ධනාගාරයට රැගෙනගොස් ඇත.
Rate this item
(0 votes)