April 27, 2024

අපිට කාගෙන්වත් පළිගන්න ඕන නෑ - හැබැයි ප්‍රහාරය පිටුපස සිටි අය දැනගන්න ඕනේ

December 14, 2020

අපට කාගෙන්වත් පලිගන්න අවශ්‍ය නෑ.ඒත් මතු ආරක්ෂාව සඳහා පාස්කු ඉරුදින ප්‍රහාරය පිටුපස සිටියේ කවුද කියන එක හෙළිදරව් විය යුතු බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කරයි.

විමර්ශනයේදී දැන් අත්අඩංගුවේ සිටින පිරිස පමණක් ගැන නොව ඔවුන් පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න පිලිබඳවත් සොයා බලා ඔවුන්ව ද අත්අඩංගුවට ගත යුතු බව උන්වහන්සේ පෙන්වා දෙයි.

අත්අඩංගුවට ගත් පිරිස පිටුපස සිටින පිරිස හඳුනාගෙන අත්අඩංගුවට නොගත්තොත්  නැවත වතාවක් මෙවැනි ත්‍රස්ත  ක්‍රියාදාමයක් කොට රට අස්ථාවර කිරීමට ඉඩ තිබෙන බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරයි.

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙම අදහස් පළ කළේ සති අන්ත පුවත් පතක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

Rate this item
(2 votes)
Last modified on Sunday, 13 December 2020 22:39