April 26, 2024

මහර සිද්ධියේදී බි‍්‍රතාන්‍ය යුගයට අයත් කඩු 02ක් පැහැර ගෙන - විශේෂ මෙහෙයුමෙන් රැඳවියන් සතුව තිබූ දේ මෙන්න

December 02, 2020

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් පැවති විශේෂ මෙහෙයුමකින් පසුව මහර බන්ධනාගාරයේ සියළුම රැඳවූවන් ඔවුන් පෙර රඳවා සිටි වාට්ටු වෙත යොමු කිරීමට ඊයේ(01) දහවල් කාලය වනවිට බන්ධනාගාර නිලධාරීන් සමත්ව තිබුණි.

එලෙස වාට්ටු වෙත ඇතුළත් කිරීමට පෙර බන්ධනාගාර නිලධාරීන් විසින් සියළුම රැඳවියන් පරීක්ෂාවට ලක් කර ඇත. 

එහිදී ඇතැම් රැඳවියන් සතුව තිබී මත්පෙති සහ උල් ආයුධ වැනි ද්‍රව්‍ය සොයාගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත්ව තිබේ. ඉකුත්දා 29 වනදා මහර  බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයේදී ගැටුමට සම්බන්ධ පිරිස් ගොඩනැගිලිවලට දැඩි හානි සිදුකර තිබිණි. 

සියළුම වාට්ටුවල දොරවල් කඩා දමා තිබූ අතර රැඳවියන් යළි එම වාට්ටු වෙත ඇතුළත් කිරීමට පෙර එම දොරවල් පිළිසකර කිරීමට ද ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. 

මහර බන්ධනාගාරයේ පරිපාලන ගොඩනැගිල්ලේ තිබුණු බි‍්‍රතාන්‍ය යුගයට අයත් කඩු 02 ක් ද ගැටුමට සම්බන්ධ පිරිස් විසින් පැහැරගෙන තිබූ අතර එම කඩු 02 ද අදාළ විශේෂ මෙහෙයුමේදී සොයාගෙන තිබේ. 

ගැටුමට සම්බන්ධ රැඳවූවන් එම කඩු 02 කණ්ඩායම් 02 ක් ලෙස වෙන්ව තබා ගනිමින් ඔවුන්ට විරුද්ධ කණ්ඩායම්වල රැඳවූවන්ට එමගින් පහර දී කැපුම් තුවාල සිදු කර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.

එම ගැටුම මෙහෙයවූ රැඳවූවන් 12 දෙනෙකු මේ වනවිට හදුනාගෙන ඇති බව ද බන්ධනාගාර ආරංචි මාර්ග මාර්ග පැවසීය. 

රිමාන්ඞ් භාරයේ සිටින අදාළ පිරිසෙන් වැඩි දෙනෙකු මහා පරිමාණ මත්කුඩු ජාවාරම් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නන් බව අනාවරණ වී ඇත.

Rate this item
(1 Vote)

Related items