April 26, 2024

ජීවිතාන්ත හා මරණ දඬුවම් විදින සිරකරුවන්ට පොදු සමාවක් - සිරකරුවන්ගේ නාම ලේඛනයකුත් සකසා යවලා Featured

December 01, 2020

ජීවිතාන්ත සිර දඬුවම මරණ දඬුවම හිමිවී බන්ධනාගාර ගතකර සිටින සිරකරුවන් එහි ගත කර ඇති වසර ගණන අනුව පොදු සමාවක් ලබාදීමට අවධානය යොමුව ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

වසර විස්සකට අධික කාලයක් මරණ දඬුවම නියම වී සිටින පුද්ගලයන්ට ජීවිත සමාවක් ලබා දීමටත් වසර විසිපහක කාලයක් ජීවිතාන්ත සිර දඬුවම් විඳින්නට සාමාන්‍ය සිරකරුවකු ලෙසින් පොදු සමාවක් ලබාදී නිදහස් කිරීමටත් යෝජනා කර ඇති බව බන්ධනාගාර මූලස්ථානය ආරංචි මාර්ග පෙන්වා දෙයි. 

දැනට මරණ දඬුවම හා ජීවිතාන්ත සිර දඩුවම් විඳින පිරිස 1116 දෙනෙකි.

දැනටමත් මෙම සිරකරුවන්ගේ විස්තර සඳහන් නාම ලේඛනයක් වගකිය යුතු අංශ වෙත යොමු කර ඇතැයි වාර්තා වේ.

අද වන විට බන්ධනාගාරවල පවතින අධික තදබදයට පිලියමක් ලෙස මෙම යෝජනා ඉදිරිපත් කර ඇතැයි එම ආරංචි මාර්ග පැවසීය.

Rate this item
(1 Vote)

Related items