April 26, 2024

තව සතියකින් දෙසතියකින් පාසල් විවෘත කරන්න බැරි වුනොත් සාමාන්‍ය පෙළ කල් දාන්න වෙනවා

November 28, 2020

ලබන ජනවාරි මස 18 සිට 27 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය එදිනට පැවැත්වීමට හැකි ද යන්න පිළිබඳව සාකච්ඡා කොට තීරණයක් ගන්නා බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කරන ලදී.

දිවයිනේ තිබෙන පාසල් 10165න් මේ වන විට විවෘත කර තිබෙන්නේ පාසල් 5100ක් බවද පෙන්වා දෙන අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරි සතිය හෝ දෙසතිය තුළ පාසල් සම්පූර්ණයෙන් විවෘත කිරීමට නොහැකි වූවොත් යෝජිත දිනට අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම වසා ඇති පාසල්වල දරුවන්ට කරන අසාධාරණයක් බවද අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.

මේ නිසා සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කොට ඉදිරි සතිය හෝ දෙසතිය තුළ වසා තිබෙන පාසල් ඇරීමට නොහැකි වුවහොත් අකමැත්තෙන් වුවත් අපොස සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට සිදුවන බවද අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කරන ලදී.

Rate this item
(0 votes)