April 26, 2024

ඔබ කොළඹ කෙනෙක්, සිංහරාජය ගැන දන්නේ නැහැ, එන්න මගෙත් එක්ක යන්න : ජොන්ස්ටන්ගෙන් හර්ෂට ආරාධනයක්

November 25, 2020

ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා විසින් මහින්ද අමරවීර අමාත්‍යවරයාගෙන් සිංහරාජ වනාන්තරය මැදින් මහා මාර්ගයක් ඇති කිරීමට පරිසර වාර්තාවක් ලබා ගත්තේද නැද්ද යන පිළිබඳව විමසු අවස්ථාවේ ඊට පිළිතුරු දීමට අමාත්‍යවරයා කල් ඉල්ලීම සමඟ සභාවේ උණුසුම්කාරී තත්වයක් ඇති විය.

තමා අසා තිබෙන්නේ කෙටි ප්‍රශ්නයක් බවත් ඊට ඔව් ද නැද්ද යන්න පිළිතුරු දෙන ලෙස හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ඉල්ලා සිටි අතර එහිදී අමරවීර අමාත්‍යවරයා සදහන් කලේ ඊට සම්පුර්න පිළිතුරක් දීමට අවශ්‍ය බැවින් අයවැය විවාදය නිමා වීමට පෙර ඊට පිළිතුරු දෙන බව සඳහන් කිරීමත් සමඟ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහා මාර්ග අමාත්‍යවරයා ද එම ප්‍රශ්නයට මැදිහත් විය.

ඔබ කොළඹ ඉන්න මන්ත්‍රීවරයෙක්, ඔබ සිංහරාජය ගැන දන්නේ නැහැ. එන්න මගෙත් එක්ක සිංහරාජය පෙන්වන්න.එක ගහක්වත් පාර හදද්දී කපලා නැතැයිද ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

මම ඔබත් එක්ක එන්නම්. හැබැයි මගේ ප්‍රශ්නයට පිළිතුරු කලින් දීලා ඉන්න යැයි හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ඊට පිළිතුරු ලෙස සඳහන් කරන ලදී. 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 25 November 2020 13:28

Related items