May 05, 2024

“ඩොක්ටර් වයිට් ආවනම් ලොක්කට තියෙන ලෙඩ 35ත් කියයි“ - මම කාටත් බය නෑ කියා රන්ජන් කළ කතාව

November 23, 2020

දැනට තමාට නඩු 36ක් තිබෙන බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට තමාට වඩා නඩු ඇති බව අද දැනගත්තේ අධිකරණ ඇමැතිතුමා කළ ප්‍රකාශයෙන් පසු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද(23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අයවැය තුන්වනවර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේබව පැවසීය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

“මම කාටත් බය නෑ. අම්මත් නෑ තාත්තත් නෑ. ඒ නිසා මට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එනිසා විනිසුරුවරුන්ගේ කතාත් මම මෙතන ඇවිදින් කියනවා. මට දැනට නඩු 36ක් තියෙනවා. මම අදයි දැන ගත්තේ මට වඩා ගෝඨාභය මහත්තයට නඩු තියෙනවා කියලා අධිකරණ ඇමැතිතුමා කියනවා. සාමාන්‍යෙයන් නීතිඥ මහත්මයාට තමන්ගේ සේවාදායකයාගේ නඩු ගැන කියන්න බෑ. එතුමා කිව්වා ගෝඨාභය ජනාධිපතිතුමාට නඩු 35කට වැඩියෙන් පෙනී ඉන්නවා කියලා. එහෙම කියන එක සදාචාර විරෝධීයි. ඒ වෙලාවේ හිතුවා හොද වෙලාවට ඩොක්ටර් වයිට් මේක ඇතුලට ආවේ නැත්තේ කියලා. ඩොක්ටර් වයිට් ආවනම් ලොක්කට තියෙන ලෙඩ 35ත් කියයි මෙයා. ඒවා කියන්න හොඳ නෑ. ඒවා රහස්‍ය තොරතුරු. වෛද්‍ය තොරතුරු. නඩුවල කතා කියන්න බෑ. හොඳ වෙලාවට වයිට් මේක ඇතුලට ආවේ නැත්තේ“ යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

එම වීඩියෝව පහතින්,

Rate this item
(8 votes)
Last modified on Monday, 23 November 2020 19:50