පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමුවැනි වතාවට කතානායකවරයාව ලොක්කා නමින් හදුන්වන ලදී.
ඒ සමගි ජනබලවේගයේ මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසිනි. ඊයේ (13) විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද කල් තැබීමේ යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින් කතා කළ රන්ජන් රාමනායක මහතා සිය කතාව අතරතුර කිහිප වතාවක්ම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාව ලොක්කා නමින් ආමන්ත්‍රණය කරන ලදී.
ඊට කථානායකවරයාගේ හෝ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අවධානයක් යොමු නොවූ බැවින් ඒ සම්බන්ධයෙන් විරෝධතාවයක් ද එල්ල නොවීය.
තමන්ව ලොක්කා නමින් හැදින්වීම පිළිබඳව කතානායකවරයා තුළද කැමැත්තක් තිබූ බව කථානායකවරයාගේ හැසිරීමෙන් පෙන්නුම් කළ බව මේ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකදී ඒ අවස්ථාවේ සභා ගැබේ සිටි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු සදහන් කරන ලදී.