April 27, 2024

රනිල් කුජීත වෙයි - 262න් ලොකුම පලුවක් එජාපයෙන් එළියට Featured

අවසන් වූ මහා මැතිවරණයට, මැතිවරණ දිස්ත්‍රික් 22කින් තරඟ කළ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් 262 දෙදෙනා අතරින් අති බහුතරයක් ඉදිරි දින කිහිපයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීමට සුදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ රනිල් වික්‍රමසිංහ මහතා දිගටම එජාප නායකත්වයේ රැඳී සිටිමට ගත් තීරණය පදනම් කරගෙනය.

පසුගිය මහා මැතිවරණයේ දී සමස්ත රටෙන්ම ඡන්ද 249,439ක් ලබාගෙන පස්වැනි ස්ථානයට පත් වූ එක්සත් ජාතික පක්ෂය සිය මැතිවරණ ඉතිහාසයේ ලැබූ දරුණුතම පරාජය බව පෙන්වා දෙන ඔවුන් එම පරාජයට ඍජුවම හේතු වී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය මෙන්ම ඔහුගේ හිතුවක්කාර තීන්දුබවද පෙන්වා දෙයි.

පැවැත්වීමට යෝජිත පළාත් සභා මැතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු එජාපය තරග කළහොත් දැනට තිබෙන ලක්ෂ 2 ½ත් ලක්ෂ ½ දක්වා අඩු වී පත්වෙන ඛේදජනක තත්ත්වයට දායක වීමට තමන් තුළ කැමැත්තක් නැති බවට ඔවුන් අවධාරණය කරයි.

Rate this item
(1 Vote)

Related items