January 17, 2025

ගුරු විදුහල්පති වර්ජනය ගැන නව ඇමතිගෙන් ප්‍රකාශයක්

අද (25) රට පුරාම ගුරු විරෝධතාවක් දියත් වනවා.

ඊට නව විෂය භාර අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රතිචාර දක්වා තිබෙනවා.

පාසල් වැඩ කටයුතු

ගුරු වෘත්තිය අරගලයක් ක්‍රියාත්මක කළද පාසල් වල වැඩ කටයුතු සිදු විය යුතු බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.

ඇතැම් වෘත්තීය සමිති අසනීප නිවාඩු දමා අද (25) සේවයට වාර්තා නොකිරීමට තීරණය කර තිබුණද බහුතරයක් ගුරුවරු පාසල් වෙත පැමිණෙනු ඇති බවට තමා විශ්වාස කරන බවයි ඇමැතිවරයා අවධාරණය කරන්නේ.

වෘත්තීය ක්‍රියාමාර්ග වල යෙදීම ගුරුවරුන් සතු අයිතියක් බව පෙන්වා දෙන අමාත්‍යවරයා පාසල් දරුවන් ගැන සලකා බලා ගුරුවරුන් පාසල් වෙත වාර්තා කළ යුතු බව සඳහන් කරනවා.

ක්‍රියාමාර්ගයට හේතු

ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති අද (25) වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට පිවිසියේ පවතින ආර්ථික අර්බුදයට , තෙල් මිල ගණන් ඉහළ යෑම හා අනෙකුත් කාරණා සිය විරෝධය දැක්වීමටයි.

රට වටින් වාර්තා වන ආකාරයට අති බහුතරයක් පාසල් දරුවන් අද (25) පාසැල් වෙත පැමිණ නැහැ.

ඒ අද (25) ගුරු විදුහල්පතිවරුන් ගත් වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව කලින් දැනුවත්ව සිටි නිසා.

Rate this item
(2 votes)
© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : [email protected] | Phone : +94 112 814 449