May 04, 2024

ගල් අගුරු නැව් දෙකක් ඩොලර් නැතුව හිරවෙයි! විදුලි කප්පාදුව තවත් වැඩිවෙයි Featured

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගෙන්වන ලද ගල් අඟුරු මෙට්‍රික්ටොන් 120,000 රැගත් නෞකා දෙකකට මුදල් ගෙවීමට නොහැකිවීමෙන් එම නෞකා දෙක නැවත හරවා ගෙන යාමේ අවදානමක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසනවා.

මෙම මස 12 වැනිදා මෙම නෞකා ශ්‍රී ලංකාවට ළඟා වී තිබූ අතර එම නෞකා නොරොච්චෝලේ වෙරළට ඔබ්බෙන් නැංගුරම් ලා තිබුණා.

ඒ සඳහා ඩොලර් මිලියන 34 ක මුදලක් ගෙවීමට ඇති බවත් මුදල් ගෙවීමට නොහැකිව මේ වන විට දින හයක් නෞකා දෙක ශ්‍රී ලංකා සීමාවේ නැංගුරම්ලා තිබෙන බවත් එම සංගමය පෙන්වා දෙනවා.

ප්‍රමාද ගාස්තුවක්

මේ අනුව, දින හයක් සඳහා ප‍්‍රමාද ගාස්තුද ගෙවීමටද ලංවිමට සිදුවනු ඇති.

මෙම නැවු අප්‍රේල් 12 සිට  18 දිනය වන විට අදාළ මුදල් ගෙවීම සිදු නොකළහොත් ගල් අඟුරු ගොඩ නොබා යාත්‍රා කරන බවද නැව් සමාගම් දන්වා ඇතැයිද වාර්තා වනවා.

දැනට පවතින ගල් අඟුරු තොග සැප්තැම්බර් මාසය සදහා පමණක් විදුලි උත්පාදනයට ප්‍රමාණවත් වන බව එම සංගමය කියා සිටියා.

විදුලි ජනනයට බාධා

මෙම ගල් අඟුරු තොග ගොඩබෑමට නොහැකි වුවහොත් නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතුවලට බාධා පැමිණිය හැකි බවත් ඔවුන් අනතුරු අඟවනවා.

“කොන්ත්‍රාත්තුවේ නියමයන්ට අනුව, නැව්ගත කිරීමේ ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසු ගෙවීමෙන් මුළු මුදලින් 80% ක් මුදා හැරිය යුතුය. මෙම ගෙවීම මෙතෙක් සිදු කර නොමැත. මෝසම් සුළං ආරම්භ වීම හේතුවෙන් ලක්විජය බලාගාරයේ සියලුම ගොඩබෑමේ කටයුතු අප්‍රේල් හතරවන සතිය වන විට අවසන් කළ යුතුය. මීළඟ ගොඩබෑමේ වාරය දක්වා වෙනත් භාණ්ඩ ගොඩබෑම කළ නොහැක” යැයිද බව සංගමය පෙන්වා දුන්නා.

පවතින තත්වයන් මත ඉදිරි ගල් අඟුරු ගොඩබෑමේ කාලය ආරම්භ වන තෙක් දැනට ඇති ගල් අඟුරු ප්‍රයෝජනයට ගැනීම සඳහා ලක්විජය බලාගාරයේ මෙගාවොට් 300 ක ඒකකයක් අවම වශයෙන් දින 25 කට වසා දැමීමට ලංවිමට සිදුවනු ඇත.

මෙය ජනන ධාරිතාවට දැඩි ලෙස බලපානු ඇති අතර එම නිසා දැනට පවතින විදුලිය විසන්ධි කිරීමේ කාලසීමාව දීර්ඝ කිරීම නොවැළැක්විය හැකි බව එම සංගමය වැඩිදුරටත් කියා සිටියා.

Rate this item
(0 votes)