May 02, 2024

ශාන්ත බණ්ඩාරගෙන් ප්‍රති ප්‍රහාර: ශ්‍රීලනිපයට චෝදනා

ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යධූරය එක දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාර මහතා තමා නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට චෝදනා කරනවා.

ඒ ශ්‍රී.ල.නි.පයේ පිරිසක් විසින් තමාගේ චරිතය ඝාතනය කරන බවට.

මුදල් ගැනීම

තමන් රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දීම සඳහා මුදල් ලබාගත් බවට පක්ෂයේම පිරිසක් ප්‍රකාශ කරණ බවයි ඔහු සඳහන් කරන්නේ.

ශාන්ත බණ්ඩාර මහතා රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේ නිකම් නොව යම් වටිනාකමකට අනුව බවට චෝදනා කළේ ශ්‍රී.ල.නි.පයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතායි.

රාජ්‍ය අමාත්‍යධූරයක් ගෙන ආණ්ඩුවට එකතු වීම සඳහා ලබාගත් මුදල කීයදැයි තමන් නම් නොදන්නා බවත් මහ ලේකම්වරයා සඳහන් කළේ පක්ෂ 11 සංවිධානය කළ මාධ්‍ය හමුවක් අමතමින්.

තනතුරු වලින් ඉවතට

ශාන්ත බණ්ඩාර මහතාව ඔහු ශ්‍රීලනිපය තුළ දැරූ සියලුම තනතුරු වලින් ඔහු රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් දිනට පසු දින ඉවත් කරනු ලැබුවා.

ඒ පක්ෂ සභාපති , හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් වලට අනුව.

ශාන්ත බණ්ඩාර මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමත් සමග ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් සහ ජනපතිවරයා අතර තිබූ ඇයි හොඳයියද බිඳ වැටුණා.

ශාන්ත බණ්ඩාර මහතා වර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන තුරු තම මන්ත්‍රි කණ්ඩායම් ජනපතිවරයා සමඟ යළි සාකච්ඡා නොකරන බව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් ජනපතිවරයා වෙත දැනුම් දී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 17 April 2022 11:20