May 02, 2024

බන්දුලත් තීරණයක් ගනි : අත් හැරීම ප්‍රගුණ කරයි

නව කැබිනට් මණ්ඩලය බොහෝ විට අද (17) හෝ හෙට (18) ජනපතිවරයා විසින් පත් කිරීමට නියමිතයි.

ආරංචි වන තොරතුරු වලට අනුව ප්‍රකාශ වන්නේ තරුණ පිරිසකට කැබිනට් ඇමති ධුර ලබාදීමට ජනපතිවරයා සූදානම් බවයි.

නව සංකල්පයට ඉඩ

හිටපු අමාත්‍යවරයකු වූ බන්දුල ගුණවර්ධන මහතා ජනපතිවරයාගේ ඒ සංකල්පයට අවස්ථාව ලබා ලබාදීම සඳහා සූදානමින් සිටින බව දැනගන්නට තිබෙනවා.

ඒ අනුව තමන්ට ඇමති ධූරයක් අනවශ්‍ය බව ජනපතිවරයාට ගුණවර්ධන මහතා දැනුම් දී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ වන විට 68 වැනි වියේ පසුවන ගුණවර්ධන මහතා ඒ බැව් ලිපියකින් ජනපතිවරයාට දැනුම් දුන් බවත් අර්බුදකාරි තත්ත්වය මත ඉතා කුඩා කැබිනට් මණ්ඩලයක් පත් කරන ලෙසත් එම ලිපියෙන් ඉල්ලා ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

අර්බුදකාරි තත්ත්වය

අර්බුදකාරී තත්ත්වය සමනය වීමෙන් පසු කැබිනට් මණ්ඩලය තවත් පුළුල් කළ හැකි බවද ඔහු දැනුම් දී තිබෙන බවයි.

ගුණවර්ධන මහතාද ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් කලකිරීමෙන් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඔහු වත්මන් ආණ්ඩුවේ බලාපොරොත්තුවෙන් සිටී මුදල් අමාත්‍ය ධූරය නොලැබීම ඊට එක් ප්‍රධාන හේතුවක්.

වෙළෙඳ ඇමැති ධුරය

වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් දිගින් දිගටම ඔහු පළ කළ අදහස් ආණ්ඩුව තැකීමකට ලක් නොකිරීම පිළිබඳවද ඔහු සිටින්නේ කනස්සල්ලෙන්.

ගුණවර්ධන මහතා මෙතෙක් දැරූ වෙළෙඳ ඇමැති ධුරයේ කටයුතු කළ ආකාරය පිළිබඳවද ජනතාව තුළ තිබෙන්නේ අප්‍රසාදයක්.

ඒ අත්‍යවශ්‍ය බඩු මිල දැරිය නොහැකි තත්ත්වයකට ඉහළ යන තුරු ඔහු කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන්.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 17 April 2022 10:24