May 01, 2024

මැණික් කෞතුකාගාරය සුදු අලියෙක්! ලක්ෂ 40 ක් වතුරේ

රත්නපුර ප්‍රදේශයේ කුඩා මැණික් කෞතුකාගාරයක් ආරම්භ කිරීම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් වැය කෙරුණු රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න මුදලක් අපතේ ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම කුඩා මැණික් කෞතුකාගාරය ආරම්භ කිරීම සඳහා වර්ග අඩි 266.5ක ශාලාවක් වෙන්කර නව මිලදී ගැනීම් සහ අලුත්වැඩියා සඳහා 2016-2019 අතර කාලයේදී රුපියල් 21 ලක්ෂයකට වැඩි මුදලක් වැය කර තිබූ බව අනාවරණය වී තිබෙනවා.

ඒ සඳහා උපකරණ මිලදී ගැනීම සඳහාද තවත් ලක්ෂ 15 ක පමණ මුදලක් වැය කර ඇති බවද විගණන කාර්යාලයේ වාර්තාවක සඳහන්.

එම කෞතුකාගාරය 2020 වර්ෂයේදී වෙනත් ස්ථානයක ස්ථාපනය කිරීම නිසා ඉහත සඳහන් කළ මුදල අපතේ ගොස් ඇති බව විගණන නිලධාරීන් පවසනවා.

මේ පිළිබඳ තොරතුරු ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ 2020 වාර්ෂික වාර්තාවේද සඳහන්.

Rate this item
(0 votes)