May 02, 2024

ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි

පාරිභෝගිකයින් වෙත ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ඛනිජතෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව යතුරුපදියකට නිකුත් කරනු ලබන්නේ  රුපියල් 1000ක ඉන්ධන පමණයි.

ත්‍රිරෝද රථයකට රුපියල් 1500ක් සහ මෝටර් රථ සහ ජීප් රථ සඳහා එක්වරකට නිකුත් කරන්නේ රුපියල්ක 5000ක ඉන්ධන  පමණයි.

මේ අතර බස්රථ, ලොරි රථ, ට්‍රැක්ටර් රථ වැනි වාණිජ වාහන සදහා මෙම නීතිය බල නොපාන බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)