May 02, 2024

රට හදන වගකීම ගන්න මම සූදානම් : විපක්ෂයේ මන්ත්‍රී BBC යට කියයි

රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා වැඩ පිළිවෙලකට තමන් නායකත්වය දීමට සූදානම් බව පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරනවා.

ඒ සඳහා රටට ආදරය කරන අවංක වෘත්තීයවේදීන්ගේ සහ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහාය අවශ්‍ය බවයි ඔහු අවධාරණය කරන්නේ.

මහ මැතිවරණය

රටේ පවතින අර්බුදය හමුවේ මහ මැතිවරණයක් පැවැත්වීම කිසිසේත්ම නුසුදුසු බවයි රණවක මහතා පෙන්වා දෙන්නේ.

නව වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා සියලු පක්ෂවල සහාය ලබා ගැනීමට සාකච්ඡා මේ වන විටත් ආරම්භ කොට ඇති බව ඔහු අනාවරණය කරනවා.

රට ගොඩ ගැනීම සඳහා ජනපතිවරයා හා අගමැතිවරයා ඉවත් කර පවුල් පාලනයෙන් තොර පාලන රටාවක් නිර්මාණය කළ යුතු බව ඔහු පෙන්වා දෙනවා.

පාර්ලිමේන්තුව සතු බලතල

රණවක මහතා වැඩි දුරටත් සඳහන් කරන්නේ රට ගොඩ ගැනීම සඳහා පාර්ලිමේන්තුව සතු ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ග මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.

පාඨලී චම්පික රණවක මහතා මේ අදහස් පළ කළේ බී.බී.සී (BBC) සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින්.

රණවක මහතා විපක්ෂය වන සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 16 April 2022 09:42