May 05, 2024

ඇමරිකන් මාධ්‍යවේදියා රනිල්ගෙන් නොඇසිය යුතු ප්‍රශ්නයම අහයි: රනිල්ට මළ පනී

පුරා වසර 27 කට වැඩි කාලයක් අඛණ්ඩව දරමින් සිටින එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතාගෙන් යළිත් ප්‍රශ්න කිරීමක් කර තිබෙනවා.

මෙවර එම ප්‍රශ්න කිරීම කර තිබෙන්නේ ඇමරිකාවේ CNBC නාලිකාවයි.

නායකත්වයේ ප්‍රශ්නය

එම නාලිකාව වික්‍රමසිංහ මහතා සමඟ පැවැති සාකච්ඡාවකදී එම සාකච්ඡාව මෙහෙයවූ මාධ්‍යවේදියා වික්‍රමසිංහ මහතා වෙත මෙවැනි ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා.

"රාජපක්ෂ සහෝදරයින්ට දේශපාලනයෙන් ඉවත් වෙන්න කියලා ජනතාව දැන් ඉල්ලීම් කරනවා.ඔබටත් එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට මේක වෙලාව නෙමෙයිද."

"ඉදිරි කාලය සඳහා ශ්‍රී ලංකාවට අලුත් නායකත්වයක් ලැබිය යුතු කාලය මේ නොවෙයිද."

ආවේගයට පත්වීම

ඒ සමගම යම් ආවේගයකට පත් වික්‍රමසිංහ මහතා මෙසේ පිළිතුරු දුන්නා.

"මේ අහන්න.මම ඉදිරිපත් කරන යෝජනා ගැන බොහෝ දෙනෙක් අවධානය යොමු කරලා තිබෙනවා."

"මම යන්න ඕනේ නම් මම යන්නම්.ඔබ ඉන්නේ සතපුම් හාර දහසක් ඈතින්.මම ඉන්නේ මෙතන.අර්බුදය තිබෙන තැන."

පසුගිය ඡන්දය

වික්‍රමසිංහ මහතාගේ වැඩිදුරට බාධා කරමින් යළිත් මාධ්‍යවේදියා වික්‍රමසිංහ මහතා වෙත "මම හිතුවේ පසුගිය ඡන්දයෙන් පස්සේ" කියා පවසනවාත් සමගම වික්‍රමසිංහ මහතා යළිත් සිය ප්‍රතිචාරය දැක්වූවා.

"ඔබ දැඩි ස්ථාවරයක නම් මමත් එතන ඉන්නම්.ඔබට ඕනේ ප්‍රවෘත්තිනේ.මම මේ දෙන්නේ ප්‍රවෘත්ති." යයි වික්‍රමසිංහ මහතා සදහන් කළා.

වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ මේ වන විට එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ එක් මන්ත්‍රී ධූරයකට පමණක් සීමා වන තත්ත්වයකට පත්ව තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 16 April 2022 09:37