May 05, 2024

ශාන්ත බණ්ඩාර ගැන රහසක් දයාසිරිගෙන් එලියට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ ශාන්ත බණ්ඩාර මහතා ආණ්ඩුවේ රාජ්‍ය ඇමති ධූරයක් භාර ගැනීම පිටුපස ඇති රහසක් එම පක්ෂයේ මහ ලේකම්වරයා හෙළිදරව් කරනවා.

ශ්‍රී.ල.නි.ප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරන්නේ ශාන්ත බණ්ඩාර මහතා ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුරයක දිවුරුම් දුන්නේ නිකන් නොව යම් කිසි වටිනාකමක් ඇතිව බවයි.

ලබා දුන් මුදල

ශාන්ත බණ්ඩාර මහතාට කොතරම් මුදලක් දුන්නාදැයි තමන් දන්නේ නැති බවත් පක්ෂ මහ ලේකම්වරයා සඳහන් කරනවා.

මෙසේ මන්ත්‍රීවරුන් බා ගැනීම රාජපක්ෂලාගේ පරණ පුරුදු සෙල්ලම ලෙස යළි පටන් ගැනීමක් ලෙසයි ජයසේකර මහතා හඳුන්වා දෙන්නේ.

බලයේ හිටපු රාජපක්ෂලා එසේ කළාට මේ ජනාධිපතිවරයා එසේ කරතැයි තමන් බලාපොරොත්තු නොවූ බවයි මහ ලේකම්වරයා අනාවරණය කරන්නේ.

පාරවල් වල හොරකම

මහ ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ පාරවල් වලින් හොරකම් කළ සල්ලි වලින් මන්ත්‍රීවරු මිලට ගන්නා බවයි.

පාරවල් වලට අදාල මහා මාර්ග විෂය භාරව සිටින්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයායි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු , දයාසිරි ජයසේකර මෙන්ම ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් තිදෙනාම කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන්නන්.

Rate this item
(3 votes)
Last modified on Thursday, 14 April 2022 17:17