May 03, 2024

මෛත්‍රී බඩු මුට්ටු ලෑස්ති කරයි - අලුත් තැනක් සූදානම්

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ මහගම සේකර මාවතේ පිහිටි නිල නිවසින් පිටත් යාමට සූදානම් බව වාර්තා වනවා.

හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ රජයෙන් ලබාදුන් නව නිවසේ පදිංචියට සිංහල අවුරුද්දෙන් පසුව යන බවයි. 

හිටපු ජනාධිපතිවරයෙක් ලෙස තමන්ට ලැබුණු නිවසෙන් සති හතරක් තුළ ඉවත්වන ලෙස අධිකරණයෙන් ලැබුණු නියෝගයට හිස නමා එම නිවසෙන් ඉවත්ව යන බවත් අදාල නිවස අයිතිකරගැනීමට තමන් උත්සහ කළේ යැයි ඇති ප්‍රචාර අසත්‍ය බවත් හිටපු ජනාධිපතිවරයා කියා සිටියා.

අදාල නිවස පිළිබඳව ලැබුණු අධිකරණ නියෝගය ඇතැමුන් තමන්ට මඩ ගැසීමට යොදාගෙන ඇති බව කී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම නිවස රුපියල් කෝටි 800 ක් වටිනා සුඛෝපභෝගි නිවසක් නොවන බව ද සඳහන් කළා. 

Rate this item
(2 votes)