May 04, 2024

සතොසේ සහන මල්ලටත් පෝලිමක්

උත්සව සමයේ පාරිභෝගිකයන් වෙත සහනදායි මිලට ලබාදී ඇති සහන මල්ල ලබා ගැනීමට කොළඹ අවට ප්‍රදේශ වල ජනතාව අයහපත් කාලගුණයද නොතකා දිගු පෝලිම් වල රැදි සිටි බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

එමෙන්ම ඒෂියන් මිරර් හැටන් වාර්තාකරු සඳහන් කළේ වතු ආශ්‍රිත ජනතාව සහ ග්‍රාමීය ජනතාව හැටන් සතොස ශාඛාවේ දිගු පෝලිම් වල රැදි සිටි බවයි.

රුපියල් 1950 කට පාරිභෝගිකයෙකුට සහන මල්ල ලබා දෙන අතර එම සහන මල්ල ලබා ගන්නා පාරිභෝගිකයෙකුට ඊට අමතරව සුදු හාල් කිලෝවක් රුපියල් 110 බැගින් කිලෝ 03 ක් මිලදි ගත හැකියි.

එම සහන මල්ල වෙළදපොලේ අද පවතින මිලට වඩා රුපියල් 1000 ක පමණ සහනයක් ලැබෙන බවයි හැටන් සතොස ශාඛාවේ කලමණාකාරවරයා කියා සිටියේ.

පාරිභෝගිකයින්ද කියා සිටියේ සතොස ශාඛාවෙන් නිකුත් කරනු ලබන සහන මල්ල ලබා දිම තමන්ට විශාල සහනයක් බවයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 10 April 2022 21:04