May 19, 2024

ගෝල්ෆේස් විරෝධය සාමකාමී - පාරේ වාහන වල යන අයත් විරෝධතාවයට සහය (PHOTOS)

ආණ්ඩුවේ ක්‍රියා කලාපයට විරෝධය පලකරන විරෝධතා මේ දිනවල දිවයිනේ සෑම ප්‍රදේශයකම පැවැත්වෙනවා.

එම විරෝධතා මාලාවේ තවත් විරෝධතාවක් අද (09) පෙරවරුවේ කොළඹ ගාලුමුවදොර පිටියේ දී පැවැත් වුණා.

මේ අතර මෙම විරෝධයට සහාය පළකරමින් තවත් පිරිසක් කොටුව ප්‍රදේශයේ සිට පෙළපාලියකින් ගාලුමුවදොර පිටියට පැමිණියා.

මෙම විරෝධතා හේතුවෙන් ගාලුමුවදොර පිටිය අවට සහ ජනාධිපති ලේකම් කාර්යාලය අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණා

ඒෂියන් මිරර් වාර්තාකරුවන් සඳහන් කලේ දිවයිනේ නන් දෙසින් ජනතාව ඊට එක්ව සිටින බවයි.

විවිධ වෘර්තිකයින්, කලාකරුවන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් විරෝධතාවය සඳහා එක් වී සිටින්නේ විවිධ සටන් පාඨ සහිත විරෝධතා පුවරු ද අතැතිවයි.

මේ වන විටත් ගාලුමුවදොර දෙපස ජනතාව විශාල වශයෙන් එක් වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් බොහෝ දුරට දිවයිනේ බොහෝ ප්‍රදේශවල උද්ඝෝෂණ රැසක් පවත්වන අතර එම උද්ඝෝෂණ ඉන් අනතුරුව අද දවසේ කොළඹ නගරයේ ගාලු මුවදොර ක්‍රීඩාංගණය වෙත රැගෙන එන බවට ජනතාව සඳහන් කර සිටියා.

ඒ අනුව තමයි මේ මොහොත වන විට මෙම ගාලු මුවදොර ක්‍රීඩාංගණය ආසන්නයට මේ ආකාරයෙන් ජනතාව ඒකරාශී වී තිබෙන්නේ.

 

 

 

 

Rate this item
(1 Vote)