May 19, 2024

පාර්ලිමේන්තුව අසල විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර

පොල්දූව මංසන්ධිය අසල විරෝධතාවයේ නිරත වූ සරසවි සිසුන් විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඒ අද (08) පස්වරුවේදී යි.

වත්මන් රජයේ අදූරදර්ශී ක්‍රියාකලාපය සහ අකර්මන්‍ය වූ රාජ්‍ය පාලනයට එරෙහිව මෙම සරසවි උද්ඝෝෂණය පැවැත්වෙනවා.

රටේ ජනතාව පීඩාවට පත් කරමින් සහ නිදහස් අධ්‍යාපනය තර්ජනයකට ලක් කරමින් රජය ගෙන යන අයහපත් රාජ්‍ය පාලනය වහාම නවත්වන ලෙසටත්, වත්මන් ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ද සිය ධුරවලින් ඉල්ලා අස්ව යන ලෙසත් ඉල්ලමිනුයි සරසවි සිසු අරගලය පවත්වන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Friday, 08 April 2022 17:59