May 18, 2024

ලංකාවට තවත් වාර්තාවක්! ලෝකයේ දුර්වලම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල

ලෝකයේ දුර්වලම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල බව බ්‍රිතාන්‍යයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් සඟරාව ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ පවතින දේශපාලන සහ ආර්ථික අර්බුදය පාලනය කිරීමට නොහැකි වීම හේතුවෙන් දිනෙන් දින රුපියලේ අගය ඉතිහාසගත ලෙස අව ප්‍රමාණය වීම ශ්‍රී ලංකා රුපියල ලෝකයේ දුර්වලතම මුදල් ඒකකය වීමට හේතු වී ඇතැයි එම සඟරාව පෙන්වා දෙනවා.

රුසියානු - යුක්රේන අර්බුදය හමුවේ රුසියානු රූබල් මුදල් ඒකකය අවප්‍රමාණය වී තිබෙනවාට වඩා ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇතැයි එම සඟරාව පෙන්වා දී තිබෙනවා.

Rate this item
(0 votes)