May 18, 2024

සජිත්ට රනිල්ට ස්තූතියි! ආණ්ඩුවට සහය දුන්නා - ජොන්ස්ටන් කියයි

විපක්ෂයට තමා ස්තූති වන්ත වන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද(07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

විශේෂයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටත් එම කණ්ඩායමටත්, රනිල් වික්‍රමසිංහ මහතාටත් අද ගෙන ආ යෝජනාව විවාදයකින් හෝ ඡන්දයකින් තොරව සම්මත කිරීමට අවශ්‍ය සහය දීම පිළිබඳ ස්තූති වන්න වන බවයි ඔහු සඳහන් කළේ.

ආණ්ඩුවට අවශ්‍ය වන්නේ එය බවත් කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වුණේ විපක්ෂයේ ඉල්ලීමට බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

Rate this item
(0 votes)