May 18, 2024

අලුත් කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට සූදානම්! ඇමති ධූර පොහොට්ටුවේ අයටමයි

නව අමාත්‍ය මණ්ඩලය අද(07) හෝ හෙට (08) දිනයේ දිවුරුම් දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසනවා.

වත්මන් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පසුගිය සඳුදා (04) ඉල්ලා අස්වූ අතර අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා තවමත් එම ධූරයේ රැඳී සිටිනවා.

පසුව අමාත්‍යවරුන් සිව්දෙනෙකු දිවුරුම් දුන්නද මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අලි සබ්රි මහතා පැය 24ක් යන්නටත් පෙර ඉල්ලා අස්වුණා.

අගමැතිවරයා සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අතර හමුවක් ඊයේ (06) රාත්‍රී අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

ඒ අනුව අලුත් කැබිනට් මණ්ඩලයක් පත් කර නව වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

විපක්ෂයට ඇමති ධූර බාර ගන්නැයි කළ ආරාධනය ප්‍රතික්ෂේප කළ නිසා ආණ්ඩුව තුලින්ම යළි කැබිනට් මණ්ඩලය පත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

එමෙන්ම සුළු නියෝජනය අවම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජිතයන් වැඩිම පිරිසක් මෙම කැබිනට් මණ්ඩලයට නම් වීමට වැඩි ඉඩක් ඇති බව දැනගන්නට තිබෙනවා.

උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා අමාත්‍ය ධුර බාරගෙන කැබිනට් මණ්ඩලයට එක් වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 05 වැනිදා ආරාධනා කළා.

ඇමති ධුර බාර ගන්නා ලෙස ජනාධිපතිවරයා සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කළත්, විපක්ෂයේ කිසිදු පක්ෂයක් ඇමති ධුර බාර ගැනීමට මෙතෙක් කැමැත්ත පළකර නැත.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂය ඇතුළුපක්ෂ ඇමති ධුර බාර නොගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ හේතුව මත සියලු දේශපාලන පක්ෂ එක්කොට කැබිනට් මණ්ඩලයක් පත් කිරීමේ උත්සහාය ඇණ්හිට තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 07 April 2022 15:44