May 09, 2024

හමුදාපතිගෙන් පොලිසියට එරෙහිව පැමිණිල්ලක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යතුරු පැදි කණ්ඩායමේ යතුරු පැදි හතරක් පාර්ලිමේන්තු සංකීර්ණය අවට යොදවා තිබු මාර්ග බාධකය අසලට පැමිණි අවස්ථාවේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් ඔවුනට සුදුසු නොවන පරිදි කටයුතු කිරීම සබැදිව යුද්ධ හමුදාධිපතිවරයා විසින් ඔවුනට එරෙහිව විමර්ශනයක් සිදුකොට අදාල පොලිස් නිලධාරින් දෙදෙනා පිළිබඳව විනයානුකූලව කටයුතු කරන ලෙස පොලිස්පතිතුවරයාගෙන් ඉල්ලිමක් කර තිබෙනවා.

එයට පොලිස්පතිවරයා වහාම ඒ පිළිබද කටයුතු කරන බව යුද්ධ හමුදාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා.

ආරක්‍ෂක ලේකම්වරයා විසින් ද මේ බව පොලිස්පතිවරයාට සහ මහජන ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම්වරයාට මේ සඳහා වහාම පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

මේ අතර මේ ගැන පොලිස්පතිවරයාගේ අවධානය යොමු වී ඇති අතර සිද්ධිය පිලිබඳ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට පරීක්ෂණයක් ආරම්භ වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළා. 

Gallery

එමෙන්ම ඊයේ (05) පාර්ලිමේන්තුව අසල මාර්ග බාධකයේදී සිදුවූ යතුරුපැදි සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරනවා.

එම විමර්ශනයේ ප්‍රගතිය අනුව ඉදිරි ක්‍රියා මාර්ග ගන්න බවත් , මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා කණගාටුව ප්‍රකාශ කරන බවත් එම නිවේදනයේ සඳහන්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 06 April 2022 11:20