May 05, 2024

ගෝඨා මෛත්‍රීගෙන් ඉල්ලීමක් කරයි! තනතුරු ගැනත් කියලා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (05) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් හමුවූ අවස්ථාවේ ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටින ලෙසයි.

ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ජනාධිපති මන්දිරයේ පැවැති සාකච්ඡාවේදීය.

නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉල්ලා අස්වී සිටින රංජිත් සියඹලාපිටිය මන්ත්‍රිවරයාට එම ධුරයේ තවදුටත් රැඳී සිටින ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලා තිබෙනවා.

එමෙන්ම ආණ්ඩුව කඩා වැටීමට හේතු මෙන්ම මුදල් අමාත්‍යාංශයේ පැවැති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා කර තිබෙනවා.

පොහොර නොමැති වීමේ ගැටලුව පිළිබඳවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයාට කරුණු දක්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වී තිබෙනවා.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ප්‍රකාශ කරන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා පාර්ලිමේ‍න්තුව තුල ස්වාධීන විමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවයි.

Rate this item
(3 votes)