May 04, 2024

නිරූපමා රාජපක්ෂ මහ රෑ කටුනායකට! හදිසියේම රට යයි Featured

හිටපු ඇමතිවරියක වූ නිරූපමා රාජපක්ෂ මහත්මිය ඊ‍යේ (05) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සනාථ කළා .

ඇය ඊයේ රාත්‍රී 10.25 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ - 655 දරන ගුවන් යානයෙන් එසේ ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණා.

ඇය රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතීවරියක වන අතර අයථා මුදල් ගණුදෙනු සහ මූලාශ්‍ර ඉදිරිපත් කළ නොහැකි මුදල් වත්කම් සහ උපයා ගැනීම් පිළිබඳව සුප්‍රකට පැනමා පත්‍රිකා වලින් ද පසුගිය දා චෝදනාවට ලක් වී තිබුණා.

කටුනායක - ටී.කේ.ජී.කපිල

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 06 April 2022 07:13