May 06, 2024

නීතිඥවරුන් දැවැන්ත විරෝධතාවක - නීතිපති දෙපාර්තමේන්තුවත් වටලයි

"නීතියේ ආධිපත්‍යය සුරකිමු" යන තේමාව යටතේ මහනුවර නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයෝ අද (05) මහනුවර අධිකරණ සංකීර්ණය ඉදිරිපස විරෝධතාවයක නියැලුණා.

එහිදී අදහස් පළ කළ මහනුවර නීතිඥ සංගමයේ සභාපති ධම්මික හෙට්ටිහේවගේ මහතා සඳහන් කළේ වර්තමාන රජය යටතේ නීතියේ ආධිපත්‍යය බරපතළ කඩා වැටීමකට ලක්ව ඇති බවයි.                             

තවදුරටත් අදහස් පළ කළ හෙතෙම මෙසේද සඳහන් කළා.

"අද මේ රටේ ජනතාව බඩගින්න වෙනුවෙන් හඬ නගද්දී එක් පවුලක ආරක්ෂාව උදෙසා හදිසි නීතිය, ඇඳිරි නීතිය පනවමින් ජනතාවගේ භාෂණයේ නිදහස පවා අහිමි කරමින් විශාල මර්දනයක් කරනවා. රජයට සම්බන්ධ කණ්ඩායම් රටේ ධනය මංකොල්ලකාලා මේ රටේ ජනතාවම දරිද්‍රතාවයට පත් කොට තිබෙනවා."

එමෙන්ම ආණ්ඩුවට එරෙහිව කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දී අද (05) නීතිඥවරුන් දැවැන්ත විරෝධතාවක නිරත වුණා. 

නීතීඥවරුන් 1500 ට ආසන්න පිරිසක් මෙම උද්ඝෝෂණයට සහභාගි වී සිටි අතර අද (05) දහවල් 12. 30 ට පමණ එය ආරම්භ වුණා.

එමෙන්ම නීතීඥවරුන් පිරිසක් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණි විරෝධතාවයේ නියැලුණා.

පවතින ආර්ථික අර්බුදය හමුවේ වත්මන් පාලනයට ඉවත්වන ලෙසට බලකරමිනුයි ඔවුන් මෙලෙස විරෝධතාවයක් ආරම්භ කර තිබෙන්නේ.

අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය ඉදිරිපිටින් ආරම්භ කරනු ලැබූ විරෝධතාවයේ නිරත වූ නීතීඥවරුන් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණ එම ස්ථානයේද විරෝධතාවයක නිරත වුණා.

නීතිපතිවරයා විසින් ඇතැම් විශේෂිත නඩු ඉල්ලා අස්කරගැනීමේ ක්‍රමවේදයට එහිදී නීතිපතිවරයා වෙත ඔවුන් සිය විරෝධය පළකරනු ලැබුවා.

                                                                                                                 

Rate this item
(1 Vote)