May 02, 2024

ඇවන්ගාඩ් ලොක්කා පවුල පිටින්ම රට පනී

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් අද (04) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

මොවුන් පිරිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් අද උදෑසන 08.20 ට මාලදිවයින බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළ පරිගණක සහ ආරක්ෂක කැමරා පද්ධතිය අවුල් සහගත තත්වයකට පත් ව තිබී ඇති අතර, එම අවස්ථාවේ මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය ඔස්සේ අදාළ ගුවන් යානය වෙත පිවිසීමට කටයුතු කර තිබෙන බවද සඳහන් වෙනවා.

මෙම සිදුවීම පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක අංශ ද මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

 

Rate this item
(3 votes)
Last modified on Monday, 04 April 2022 22:41