May 01, 2024

ඇමති මණ්ඩලය ඉවත් වීමට සූදානම් - අගමැති ධූරයේ වෙනසක් නෑ Featured

රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍යවරයා අද(03) රාත්‍රියේ ජනාධිපතිවරයා හමුවීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසනවා.

එම හමුවේ දී වැදගත් දේශපාලන තීරණ කිහිපයක් ගැනීමට නියමිත බව වාර්තා වනවා.

මේ අතර අමාත්‍ය මණ්ඩලය ඉවත් වීමට සූදානම් බවයි වාර්තා වන්නේ.

අමාත්‍ය මණ්ඩලය ඉවත් වීමෙන් අනතුරුව නව අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට සූදානම් බව එම ආරංචි මාර්ග සඳහන් කළා.

කෙසේ වෙතත් අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාම කටයුතු කරනු ඇති බවයි එම ආරංචි මාර්ග පැවසූවේ.

Rate this item
(2 votes)