May 08, 2024

ඇඳිරි නීති කාලය තුළ ගමන් කිරීමට අවසර හිමි වන අය

දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට පෙරවරු 6.00 දක්වා බලපැවැත්වෙනවා.

එම ඇඳිරි නීති කාලය තුල රාජකාරියට වාර්තා කළ හැකි අය ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක් සිදු කළා.

ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සාමාජිකයන්ට සහ විදේශ දූත මණ්ඩලවල රාජකාරියේ නිරත අයට ඇඳිරි නීති කාලය තුල සිය හැඳුනුම්පත ඉදිරිපත් කර රාජකාරියට වාර්තා කිරීමට අවසර හිමි වන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

Rate this item
(1 Vote)