May 03, 2024

අපිට බනින අයට පව්: අපි ආර්ථික ඔස්තාර්ලා නෙවෙයි: එක රටක් එක නීතියක් හිමිනම වදාරයි

මේ අවස්ථාවේ ජනතාව තමන් වහන්සේලාටද චෝදනා කරන බව පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් අනාවරණය කරනවා.

බොදුබල සේනා සංවිධානයේ ලේකම්වරයාද වන උන් වහන්සේ සඳහන් කරන්නේ කෝ මේ කෑගහපු හාමුදුරුවරු, පාරට බහින්නේ නැත්තේ ඇයි, හැංගිලාද ආදී වශයෙන් එම ජනතාව තමන් වහන්සේලාට චෝදනා නගන බවයි.

පාපකාරී ක්‍රියාව

ඒ ආකාරයට තමන් වහන්සේලාට නොයෙක් චෝදනා, අපහාස, නින්දා හා ගැරහීම් කරන බව පෙන්වා දෙන උන්වහන්සේ එය ඒ අය කරගන්නා පාපයක් බව සඳහන් කරනවා.

තමන් වහන්සේලාට බැණ වදී එසේ පව් පුරවා ගැනීම සම්බන්ධයෙන් තමන් වහන්සේලාට කිරීමට දෙයක් නැති බවයි උන් වහන්සේ අවධාරණය කරන්නේ.

තමන් වහන්සේලා හැමදාම කතා කළේ රට තුළ ගොඩ නැඟුණු අන්තවාදී ආක්‍රමණික බලවේග ගැන මෙන්ම සංක්‍රමණික සංස්කෘතික බලවේගයන් ගැන බවයි.

ආර්ථික විශේෂඥයන්

ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් සිට ඒවගෙන් සමාජය මුදවා ගැනීමට කටයුතු කළා මිස තමන් වහන්සේලා ආර්ථිකය සම්බන්ධයෙන් කතා කර නැති බවයි ඥානසාර හිමියන් අවධාරණය කරන්නේ.

තමන් වහන්සේලා ආර්ථික විශේෂඥයන් නොවන බවත් උන්වහන්සේ අවධාරණය කරනවා.

මැති ඇමැතිවරු, මන්ත්‍රීවරු නොයෙක් දෙනා විවිධ කතා කියනවා මිස කිසිවෙක් සාමූහික මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කොයි ආකාරයටද කියන එක ගැන සාකච්ඡාවට යොමු වී නැති බවයි.

පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් මේ  අදහස් පල කලේ මාධ්‍ය හමුවක් අමතමින්.

Rate this item
(3 votes)
Last modified on Thursday, 31 March 2022 23:36