May 02, 2024

ඕන නම් මගේ රාජ්‍ය ඇමති කමත් ගන්න: තවත් රාජ්‍ය ඇමතිවරයෙකුගෙන් යෝජනාවක්

ජාතික ආණ්ඩු යෝජනාවට ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයෙක් සිය විරෝධය පළ කර තිබෙනවා.

ඒ ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන මොහාන් ද සිල්වා රාජ්‍ය අමාත්‍යවරයායි.

ජාතික ආණ්ඩුව

ඔහු පෙන්වා දෙන්නේ ජාතික ආණ්ඩු වැඩේ හරියන වැඩක් නොවන බවයි.

ඒ හරහා සිදුවන්නේ තවත් ඇමතිධූර වැඩි වී රාජ්‍ය වියදම ඉහළ යාම බවයි රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

මේ අර්බුදකාරී අවස්ථාවේ ආණ්ඩුවට අවශ්‍ය නම් තමන්වද රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කොට රාජ්‍ය වියදම් අඩු කර ගැනීමට කටයුතු කරන ලෙස ඔහු ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.

මහජන මතය

රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ ඇමති ධුර වැඩි බවට මහජනයා තුළ මතයක් තිබෙන බවයි.

විපක්ෂය මේ අර්බුදකාරි අවස්ථාවේ දේශපාලනයක නියැලී සිටින බවට චෝදනා කරන ඔහු මෙය සැවොම එකට එකතු වී විසඳුම් සෙවිය යුතු අවස්ථාවක් බව සඳහන් කරනවා.

මොහාන් ද සිල්වා රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මාධ්‍ය අමතා.

Rate this item
(3 votes)
Last modified on Thursday, 31 March 2022 23:50