May 02, 2024

ජනපති නිවෙස අසල විරෝධතාවක්! නුගේගොඩ - මහරගම පාර අවහිරයි: STF බලකායත් කැඳවයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට ඇතුළුවන ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් මිරිහාන, පැගිරිවත්ත පටුමග අසල මේ වනවිට දැඩි විරෝධතාවක් පැවැත්වෙයි.

ඒ, රට තුළ පවතින විදුලිය, ගෑස් , ඩීසල් ඇතුළු ගැටලුවලට විසදුම් ඉල්ලමින්.

119 නුගේගොඩ - මහරගම මාර්ගය මේ හේතුවෙන් සම්පූර්ණ අවහිර වී ඇති අතර පොලිස් නිලධාරීන් පන්සියකට අධික ප්‍රමාණයක් ආරක්ෂාවට යොදවා තිබෙන බව වාර්තා වනවා.

පැඟිරිවත්ත මාර්ගය හරහා පොලිස් මාර්ග බාධක තමා කිසිවකුට එහි ඇතුළු වීමට ඉඩ නොදී ආරක්ෂාව තර කළ අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ආරක්ෂාවට යොදවා තිබෙනවා.

Rate this item
(3 votes)