May 02, 2024

ශීතකරණ වල තැබූ ආහාර ගැන අනතුරු ඇඟවීමක්

පැය 10ක් වැනි කාලයක් අඛණ්ඩව විදුලිය විසන්ධි කරන නිසා මස් මාංශ, කිරි, චීස් වැනි ආහාර නිවෙස්වල ශීතකරණවල තැන්පත් කර නොගන්නැයි කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා ඉල්ලීමක් කළා.

එම නිසා මේ දිනවල පරිභෝජනයට අවශ්‍ය මස් මාංශ එදිනෙදා අවශ්‍ය ප‍්‍රමාණයට රැගෙන ඒම වඩාත් සුදුසු බවද සුපිරි වෙළෙඳසල්වල විදුලිය විසන්ධි කරන අවස්ථාවල විදුලිජනන යන්ත්‍ර මගින් අඛණ්ඩව විදුලිය සපයන නිසා එවැනි ආයතනවල ශීතකරණවල මස් මාංශ නරක්වීමේ හැකියාව ඉතා අවම බවද ඔහු සඳහන් කළා.

කොළඹ මහ නගර සභාව මගින් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් 50 දෙනකුට මස් මාංශවල ගුණාත්මකභාවය හඳුනා ගත හැකි උපකරණ ලබාදී පරීක්‍ෂා කිරීම් සිදුකරන බවත්, මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවියට කටයුතු කළහොත් ඔවුන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස තමා උපදෙස් දී තිබෙන බවත් විජයමුණි මහතා වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)