May 05, 2024

විශේෂ අංශ තුනක් ගැන කැබිනට් රහසක් ඇමති චන්ද්‍රසේනගෙන් එලියට

පෙරේදා (29) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ විශේෂ අවධානය යොමු කළ අංශ පිළිබඳව හෙළිදරව්වක් අමාත්‍යවරයෙක් විසින් කරනවා.

ඒ එස්.එම්.චන්ද්‍රසේන ඇමතිවරයායි.

විශේෂ අංශ තුන

අමාත්‍යවරයා සඳහන් කරන්නේ අංශ තුනක පෝලිම් නතර කිරීම පිළිබඳව කැබිනට් මණ්ඩලයේ විශේෂ අවධානය යොමු වූ බවයි.

විදුලිය කැපීම නතර කිරීම , ගෑස් පෝලිම නතර කිරීම , තෙල් පෝලිම නතර කිරීම එම අංශ ලෙසයි අමාත්‍යවරයා හඳුන්වා දෙන්නේ.

සිංහල අවුරුද්ද වන විට ගෑස් පෝලිම් , තෙල් පෝලිම් නොමැති වන බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා අවුරුදු කාලය තුළ විදුලිය නොකපන ලෙස ජනපතිවරයා විෂයභාර අමාත්‍යවරුන්ට උපදෙස් දුන් බවත් හෙළිදරව් කරනවා.

දහ දහසේ සහනාධාරය

ඒ සමඟම රු. 5000 දෙක බැගින් ලැබෙන රු. 10000 දීමනාවද සහනයක් ලෙස ජනතාවට ලැබෙන බවයි අමාත්‍යවරයා මතක් කර දෙන්නේ.

ජනතාවට සහන දෙන්න පුළුවන් නම් නොදී ඉන්නෙ නැති බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 31 March 2022 06:45