May 05, 2024

ඇමැතිවරුන්ට ගුවන් සවාරි නෑ! ගුවන් යානා, හෙළිකොප්ටර් දෙන්නේ මේ අයට විතරයි

කැබිනට් ඇමැතිවරුන්ට සහ රාජ්‍ය ඇමැතිවරුන්ට රටේ විවිධ ප්‍රදේශවලට ගමන් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ අවසරයකින් තොරව හෙලිකොප්ටර් හෝ ගුවන් යානා ලබාදීම නතර කර තිබෙනවා.

ඉන්ධන ප්‍රශ්නය ඇතුළු හේතු කාරණා ගණනාවක් පදනම් කරගෙන එම තීරණයට පැමිණි බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුශාන් විජේසිංහ මහතා පැවසුවේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විදේශීය රාජ්‍ය නායකයන්ගේ සංචාර සඳහා හෙලිකොප්ටර් හෝ ගුවන් යානා ලබාදීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව බැඳී සිටින බවද හෙතෙම සඳහන් කළා.

කැබිනට් හා කැබිනට් නොවන ඇමැතිවරුන්ට හෙලිකොප්ටර් හෝ ගුවන් යානා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙයට පෙර සපයනු ලැබුවා.

මේ අතර හිටපු ඇමැතිවරුන් ගණනාවක් ඔවුන්ගේ ගුවන් සංචාර වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයවිය යුතු රුපියල් කෝටියකට වැඩි මුදලක් මෙතෙක් ගෙවා නැතැයි ද වාර්තා වනවා.

Rate this item
(4 votes)
Last modified on Sunday, 27 March 2022 02:34