May 08, 2024

ඇමති ජී.එල් ප්‍රංශයේ සෙනෙට් සභිකයන්ගෙන් සමන්විත දූත පිරිසක් හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (24) කොළඹ දී, ප්‍රංශ ජනරජයේ සෙනෙට් සභිකයන්ගෙන් සමන්විත දූත පිරිසක් හමුවී තිබෙනවා.

ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ, ශ්‍රී ලංකාව තුළ ප්‍රංශ සමාගම්වල ආයෝජන මෙන්ම, විශේෂයෙන් තේ, මත්ස්‍ය නිෂ්පාදන, ඇඟළුම්, මැණික් හා ස්වර්ණාභරණ වැනි ශ්‍රී ලංකාවේ අගය එකතු කළ අපනයන සඳහා ප්‍රංශ වෙළඳපොළ පුළුල් කිරීම සහ සංචාරක ව්‍යාපාරය යනාදිය ඇතුළත් විවිධ මාතෘකා රැසක් මෙම හමුවේ දී සාකච්ඡා කර තිබෙන බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළා.

මෙහිදී සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය, පාරිසරික සංචාරක ව්‍යාපාරය සහ අධ්‍යාපනික හා සංස්කෘතික අංශවල සහයෝගීතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ ප්‍රංශ ජනරජය අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා තමන් කටයුතු කරන බව ප්‍රංශ සෙනෙට් සභිකයින් මෙහිදී ප්‍රකාශ කළා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 26 March 2022 10:07