May 03, 2024

ආදාහන කටයුතුත් හිර වෙයි - කඩදාසියෙන් මිනී පුච්චන්න ගිය තිදෙනෙකුට ගිනි ඇවිලෙයි

ඇල්පිටිය ආදාහනාගාරයේදී මෘතදේහයකට ගිනි ඇවිලීමට ගිය තරුණයන් දෙදෙනකුගේ හා ආදාහනාගාර සේවකයෙකුගේ සිරුරු වලට ගිනි ඇවිලීමෙන් ඔවුන් තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි ඇල්පිටිය මූලික රෝහලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊයේ (21) දහවල් ඇල්පිටිය, රජමහා විහාර මාවතේ පදිංචිකරුවකුගේ මෘත දේහයක් ඇල්පිටිය ආදාහනාගාරය වෙත රැගෙනවිත් ඇති අතර ඒ මොහොතේ එහි විදුලිය විසන්ධි වී ඇති බැවින් එහි සේවකයින්ගේ උපදෙස් පරිදි කඩදාසියක් දල්වා දේහයට ගිනි දැල්වීමට යෑමේ දී මෙසේ ඔවුන්ගේ සිරුරට ගිනි ඇවිළුණු බව එහි සිටි ඥාතීන් පවසා සිටියා.

තුවාල ලැබූ තරුණයන් දෙදෙනාගේ තත්ත්වය එතරම් බරපතළ නැති බව ද රෝහල් ආරංචි මාර්ග පැවසූවා.

විදුලිය ඇති වෙලාවට ගිනි තැබීම සිදු කරන්නේ විදුලි බොත්තමක් එබීමෙන් බවද දහවල් විදුලිය විසන්ධි වී තිබීම නිසා මෙසේ ගිනි තැබීමට කටයුතු කර ඇති බව ද එහි සේවකයන් පැවසුවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 March 2022 14:42