May 19, 2024

ඇමති කනකගේ ගෑස් සිද්ධිය වුණැයි කී තැනට පොහොට්ටු මන්ත්‍රී කෙනෙක් ඇවිත්

රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාට ඊයේ (21) කෑගල්ලේදී ගෑස් පෝලිමක සිටි පිරිසකගෙන් දැඩි විරෝධයක් එල්ල වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. 

එම ප්‍රචාරය ඔස්සේ සඳහන් වුණේ එහිදී ඇමැතිවරයාට ගෑස් සිලින්ඩරයකින් පහර දුන් බවයි.

එවැනි ප‍්‍රහාරයක් සිදු නොවූ නමුත් යම් සිද්ධියක් ඇති වූ බවත් රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඒෂියන් මිරර් කෑගල්ල වාර්තාකරු පැවසුවේ එම සිද්ධිය සිදුවුණා යැයි කී ස්ථානයේ තමන්ද සිටි බවත් එහිදී රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාට ගෑස් සිලින්ඩරයකින් පහර දුන් සිදුවීමක් සිදු නොවූ බවත්ය.

එම ප‍්‍රවෘත්ති අසත්‍ය බවත් සඳහන් කළ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක මහතා එම ස්ථානයෙන් ගමන් කළ බව කියා සිටියා.

නමුත් එම ස්ථානයේ ජනතාව රැස්වී සිටි නිසා මන්ත්‍රීවරයාට එම මාර්ගයෙන් ගමන් කළ නොහැකි වූ බවත් පසුව මන්ත්‍රීවරයා ආපසු හැරී ගිය බවත් අප වාර්තාකරු සඳහන් කළා.

අලෙවි නියෝජිතයා ගෑස් හංගා ගෙන සිටින බවට චෝදනා කරමින් ගෑස් පාරිභෝගිකයින් පිරිසක් ඊයේ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය රන්වල ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධය පළ කර සිටියා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 22 March 2022 09:27