May 03, 2024

ඩොලර් නෑ! මේ ස්ථාන වසා දමන්න තීරණයක් Featured

ඩොලර් හිඟය හේතුවෙන් විදේශ තානාපති කාර්යාල දෙකක් සහ කොන්සල් ජනරාල් කාර්යාලයක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි කොන්සල් කාර්යාලය ලබන 31 වැනිදා සිට වසා දැමීමටයි තීරණය කර තිබෙන්නේ.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බරපතළ ඩොලර් අර්බුදය සැලකිල්ලට ගනිමින් විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම පියවර ගෙන තිබෙනවා.

මේ අනුව ඉරාකය සමඟ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පවත්වාගෙන යාම ඩුබායි හි පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලයටත්, නෝර්වේ සමඟ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර කොන්සල් ජනරාල් කාර්යාටත්, සිඩ්නි නුවර කොන්සල් ජනරාල් කාර්යාලයේ කටයුතු ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පිහිටි ශ්‍රී ලංකා මහ මහකොමසාරිස් කාර්යාල යටතට පැවරෙනු ඇති.

ශ්‍රී ලංකාව විදේශ දූත මණ්ඩල 63 ක් පවත්වාගෙන යන අතර මෙම කාර්යාල තුන වසා දැමීමත් සමග එම සංඛ්‍යාව 60 දක්වා අඩු වනවා.

ඩොලර් අර්බුදය හේතුවෙන් එම ලංකා දූත මණ්ඩල කාර්යාල 60 ද පවත්වාගෙන යාම බරපතළ ගැටලුවක් වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළා.

Rate this item
(3 votes)