May 04, 2024

ඩොලරය 285යි! ඊලඟට බඩු මිලත් ඉහළට

ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල මේ වන විට රුපියල් 285 දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මෙරට බලපත්‍රලාභී බැංකු ගණනාවක් විසින්ම අද (21) දිනය තුළ සිය දෛනික විනිමය අනුපාතික සටහන් ප්‍රකාශයට පත් කිරීමේ දී ඩොලරයක විකුණුම් මිල රුපියල් 280 සිට රුපියල් 285 දක්වා මිල ගණන්වල සටහන් කර ඇති බව නිරීක්ෂණය වුණා.

ඒ අනුව මෙරට බලපත්‍රලාභී බැංකු කිහිපයක් විසින් ඩොලරයක විකුණුම් මිල අද දිනය තුළ දක්වා තිබූ ආකාරය පහතින් දැක්වෙනවා.

ලංකා බැංකුව – රු. 280.00

මහජන බැංකුව – රු. 279.99

කොමර්ෂල් බැංකුව – රු. 280.00

සම්පත් බැංකුව – රු. 285.00

සෙලාන් බැංකුව – රු. 285.00

හැටන් නැෂනල් බැංකුව – රු. 280.00

NTB – රු. 280.00

DFCC – රු. 280.00

ඩොලරයේ ඉහල යාමත් සමඟ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ඉහල යාම ඇතුළු මෙරට ආර්ථික කටයුතුවලට තවදුරටත් බලපෑම් එල්ල වනු ඇති.

දිවයින පුරා ගෑස් බෙදා හැරීම යම් මට්ටමකට සිදු වුව ද තවමත් එය පාරිභෝගික අවශ්‍යතාවය සපුරා ලීමට ප්‍රමාණවත් වී නොමැත.

ලිට්රෝ සමාගම පවසන්නේ මීට දින පහකට පෙර මෙරටට ගොඩබෑ ගෑස් මෙටි්‍රක් ටොන් 3500 තොගය මේ වනවිට අවසන්ව ඇති බවයි.

කෙසේ වෙතත් අද දිනයේ එම සමාගම සිලින්ඩර් 80,000ක් වෙළඳපොළට නිකුත් කළා.

Rate this item
(0 votes)