May 06, 2024

කුලී මුදලත් ඉහළට! නව මිල ගණන් මෙන්න Featured

කුලී වැඩකරුවන්, පෙදරේරුවන්, අත්උදව්කරුවන් දෛනිකව අයකරන මුදල වැඩි කිරීම නිසා සේවා ලබා ගන්නා බොහෝ ජනතාව දැඩි අසීරු අසීරුතාවයට පත්ව ඇතැයි ජනතාව පවසනවා.

එසේ අය නොකරන්නේ නම් තමන්ට දවසට අවශ්‍ය භාණ්ඩ ටික ලබාගැනීමට ප්‍රමාණවත් නොවන බවත් අකමැත්තෙන් වුවත් මුදල වැඩි කිරීමට සිදුවූ බවත් කම්කරුවක් කියා සිටියා. 

මාස දෙකක් ඇතුළත මෙම කුලී මුදල් අවස්ථා කීපයකම වැඩිවී තිබෙනවා.

ඒ අනුව මේසන් බාස්වරයෙකු දිනකට රුපියල් 2300 ක් වූ මුදල දිනකට රුපියල් 2500 මට්ටමට වැඩි වී අද වන විට රුපියල් 3000ක මුදලක් දක්වා වැඩි කර තිබෙන බවයි ජනතාව පෙන්වා දෙන්නේ.

එමෙන්ම අත්උදව්කරුවෙකු රුපියල් 1500 ක මුදලකට ශ්‍රමය ලබා දුන්නද එය රුපියල් 1800 බවට පත්ව අද වෙන වින විට රුපියල් 2500ක් බවට පත්ව තිබීම විශේෂත්වයක්.

මේ දිනවල කුඹුරු වැඩ සඳහා සහ අනෙකුත් දෛනික වැඩ සඳහා පිරිමි කුලී කම්කරුවෙකු රුපියල් 2000 ක මුදලක් දිනකට අය කරන බව ද මීට පෙර රුපියල්1700 ක මුදලක්ද, පසුව 1700 ක්ද මේවන විට රුපියල් 2000 දක්වා ද වැඩි කර තිබෙනවා.

කුලී වැඩ කරන කාන්තාවකගේ දිනකට වැටුප වූයේ රුපියල් 1000 ක්. එය 1500 බවට පත්ව මේ වන විට 1700 දක්වා ඉහළ දැමීම් සිදු කොට තිබෙනවා.

සාමාන්‍ය ජන ජීවිතයේ ද මෙය විශාල වශයෙන් බලපා ඇතැයි ජනතාව පෙන්වා දෙනවා.

මිල ඉහළ නොදා සේවා කිරීම්ට නොහැකි බවත් දිනපතා කුලී වැඩක් කරගෙන දරු පවුල් ආරක්ෂා කිරීම් සිදු කරන කම්කරු ජනතාවට දිනක ජීවන වියදම දරා ගැනීමට නොහැකි නිසා මේ ආකාරයෙන් කුලී මුදල වැඩි කිරීමට සිදු වූ බව කම්කරු ජනතාව අවධාරණය කරනවා.

වෙළදපලේ සෑම භාණ්ඩකම මිල ඉහළ යෑම නිසා මේ තත්ත්වය උදා වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

Rate this item
(3 votes)
Last modified on Wednesday, 16 March 2022 14:39