May 04, 2024

මෙරට හා ඉන්දීය ධීවර නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් - ඉක්මණින් විසඳුම් දෙන බවට ඇමතිගෙන් පොරොන්දුවක්

ඉන්දීය ධීවරයින් විසින් මෙරට උතුරු මුහුදට ඇතුල් වී මසුන් ඇල්ලීම හේතුවෙන් පසුගිය දිනවල උතුරේ ධීවරයින්ට ඇති වූ ගැටලුකාරී තත්වයන් පිළිබඳව සාකච්චා කිරීම සඳහා විශේෂ හමුවක් කච්චතිව් දූපතේදී ඊයේ (12) දින පවත්වා තිබෙනවා.

ඉන්දීය ධීවර සංගම් නායකයින් සහ උතුරේ ධීවර සංගම් නායකයින් කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මෙහෙයට සහභාගී වීමෙන් අනතුරුව මෙරට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් කච්චතිව් දූපතේදීම මෙම විශේෂ හමුව පැවත්වුණා.

එහිදී උතුරු පලාත් ධීවර සංගම් සභාපති අන්නාරාසා මහතා විසින් ඉන්දීය ධීවර සංගම් වෙතට පවසා සිටියේ ඉන්දු ලංකා ධීවර ගැටලුව 2004 වසරේ සිටම පැවතුනත් මේ දක්වා විධිමත් විසදුමක් ලබා දීමට රටවල් දෙකේම නායකයින්ට නොහැකි වූ අතරම මේ වන විට ධීවර ගැටලුව ධීවරයින් ගහමරා ගන්නා වාතාවරණයකට පැමිණ ඇති හෙයින් විධිමත් විසඳුමක් අවශ්‍ය බවයි.

එමෙන්ම ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා මගින් උතුරු මුහුදේ මසුන් ඇල්ලීම හේතුවෙන් උතුරේ ධීවරයින් පීඩාවන්ට පත්වන අයුරු පිළිබඳවද උතුරු පලාත් ධීවර සංගම් සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

මේ අතර ඉන්දීය ධීවරයින්ද පැවති සාකච්ඡාවේදී අවධාරණය කොට සිටියේ, පසුගිය කාල වකවානුවේදී උතුරු මුහුදේදී අත්අඩංගුවට පත් ඉන්දීය ධීවර යාත්‍රා ශ්‍රී ලංකා රජය විසින් වෙන්දේසී කිරීම මගින් අදාල යාත්‍රාවල ධීවරයින් දැඩි ලෙසින් පීඩාවන්ට පත්ව සිටින අතරම එයද ධීවර ගැටලුවට එක් හේතුවක් බවයි.

අනතුරුව ධීවර අමාත්‍ය ඩගලස් දේවානන්ද මහතාද ධීවර ගැටලුව සම්බන්ධයෙන් දෙරටේම නායකයින් සමග කඩිනම්න් සාකච්ඡා කොට පිළිගත හැකි විධිමත් විසඳුමක් හැකි ඉක්මනින් ලබා දීමට පියවර ගන්නා බවයි වැඩිදුරටත් සඳහන් කළේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 13 March 2022 16:21