May 08, 2024

රනිල් සහ සාගල යුගලගේ අලුත්ම බිස්නස් එක

එක්සත් ජාතික පක්ෂයේ තීන්දු තීරණ ගන්නා මණ්ඩලය එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයයි.

රනිල් වික්‍රමසිංහ මහතා පුරා වසර 27 ක් පක්ෂ නායකත්වය රැකගෙන සිටින්නේත් ඔහු විසින් බහුතරයක් පත් කරන මේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පින්සිදුවන්නට.

සාමාජිකත්වය විකිණීම

සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එම කෘත්‍යාධිකාරී මණ්ඩලය සාමාජිකත්වයන්ද දැන් මුදලට විකිණෙන බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතික පක්ෂය ගැන හෝ දේශපාලනය පිළිබඳව අවබෝධයක් නොමැති කිෂාන් තියඩෝර් නැමැත්තෙකු පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට වික්‍රමසිංහ මහතා පත් කර තිබෙන්නේ මුදල් පදනම මත බවටයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

තියඩෝර් නැමැත්තාට කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය ලබාදීම සඳහා මෙතෙක් කල් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකත්වය දැරූ එ.ජා.ප ප්‍රබල සාමාජිකයෙකුව වික්‍රමසිංහ මහතා විසින් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කර තිබෙනවා.

සිංහල බෞද්ධ පදනම

ඒ අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කළ නීතිඥ කස්තුරි අනුරාධනායක මහතායි.

එ.ජා.පය තුළින් දිනෙන් ගිලිහී යන සිංහල - බෞද්ධ පදනමක් ඇති දේශපාලඥයකු ලෙසයි ඔහුව හැඳින්වෙන්නේ.

තියඩෝර් නැමැත්තා පුද්ගලිකව වික්‍රමසිංහ මහතාට සහ වික්‍රමසිංහ මහතාගේ ඉතාමත්ම කිට්ටු සමීපතයා වන සාගල රත්නායක මහතාට දක්වන මූල්‍ය අනුග්‍රහය පදනම් කොටගෙන ඔහුට කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය ලබාදුන් බවටයි  පක්ෂය තුලින්ම තොරතුරු හෙළිදරව් වෙන්නේ.

මේ වන විට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මෙම නව සාමාජිකයන් පක්ෂයේ සියලු තොරතුරු එක්රැස් කරමින් සිටින බවත් සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරනවා.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 10 March 2022 15:05