රජයේ සියලුම ආයතනවල විදුලිය සහ ඉන්ධන භාවිතය දැඩි ලෙස සීමා කිරීමට රජය තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් ද මේ වන විට නිකුත් කර තිබෙනවා.
රට තුළ පවතින දැඩි ඩොලර් හිගය හමුවේ මෙම පියවර ගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.
මැති ඇමතිවරුන්ගේ නිල රථ සහ රාජ්‍ය නිලධාරීන් සඳහා දැනට ලබාදෙන නියමිත ඉන්ධන ප්‍රමාණයට වඩා අතිරේක ඉන්ධන ලබාදීම අත්හිටුවා තිබෙනවා.
මීට අමතරව පිට පළාත්වල නිලධාරීන් රැස්වීම් සහ අනෙකුත් කාරණා සදහා කොළඹට කැදවීම ද සීමා කරන ලෙසයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ඉදිරිපත් කර ඇති යෝජනාවල දැක්වෙන්නේ.
ඒ සඳහා විකල්පයක් ලෙස සූම් තාක්ෂණය ඔස්සේ එම සාකච්ඡා පවත්වන ලෙස ද උපදෙස් ලබාදී තිබෙනවා.
අත්‍යාවශ්‍යම රාජකාරී කටයුත්තක් සදහා පැමිණෙන්නේ නම් තනි නිලධාරියෙකු එක් එක් වාහනය භාවිතා කිරීම වෙනුවට කණ්ඩායමක් එකම වාහනයකින් කැදවන ලෙසට යි යෝජනා කර ඇත්තේ.
එමෙන්ම, රාජ්‍ය ආයතනවල පස්වරු 2.30න් පසු වායු සමීකරණ අක්‍රිය කරන ලෙසත් ඒ වෙනුවට විදුලි පංකා භාවිතා කරන ලෙසට ද යෝජනා කර තිබෙනවා.
සෞඛ්‍ය, ආරක්ෂක හා අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවා සදහා තෝරා ගත් ඉන්ධනහල්වල ඉන්ධන සංචිතයක් පවත්වාගෙන යන ලෙසටත් ප්‍රාදේශීය ලේකම්වරයාගේ හෝ පොලීසියේ අධීක්ෂණය යටතේ ඒවා නිකුත් කරන ලෙසටත් විෂය භාර අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති යෝජනාවලියේ දැක්වෙනවා.
එම චක්‍රලේඛය පහතින්,