May 02, 2024

මධුරයෝ එමුකෝ මගේ ගෙදර: හිරුණිකාගෙන් "බිත්තර මධූට" විවෘත ආරාධනාවක්

සමගි ජන බලවේග කඩුවෙල සංවිධායකවරයා මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනපතිවරයාගේ නිවසට පෙළපාලියකින් යෑමේ සිද්ධිය මේ වන විට බොහෝ දුර දිග ගිහින්.

ඊට පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන් ප්‍රතිචාර දැක්වීම හේතුකොටගෙන.

තැන තැන ප්‍රතිවිරෝධතා

ප්‍රථමයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වුණු අතර ඊයේ (7) පිටකෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල වුණා.

එම බිත්තර ප්‍රහාරය එල්ල කළ පිරිස සමග පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මහතාත් සිටියා.

ඒ නිසා මෙම බිත්තර ප්‍රහාරය ඔහුගේ අනුදැනුම මත සිදු වූ එකක් බවටයි මත පළ වන්නේ.

හිටපු මන්ත්‍රීවරියගේ ආරාධනාව

ඒ සම්බන්ධයෙන් සිද්ධියට මුල පිරූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අදහස් දක්වා තිබෙනවා.

පන්ති ගැන බලවේග කාර්යාලයට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කළේ තමාව සොයමින් බව ප්‍රේමචන්ද්‍ර මහත්මිය සදහන් කරන්නේ මධුර විතානගේ මහතාට ආරාධනයක්ද කරමින්.

ඒ තමන් තමන්ගේ නිවසේ සිටින බැවින් තමන්ගේ නිවසට එන ලෙසටයි.

එහිදී තමා ඇතුළු කාන්තාවන් පිරිසක් ජනපති නිවසට ගිය එක ගැන මධුර විතානගේ මහතා තරහ ගැනීමට හේතුව ගැන කතා කිරීමට හැකි බවයි ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 08 March 2022 00:29