May 20, 2024

හැටන් ජනතාවට කලින්ම අවුරුදු - තෙල් බවුසරයක් ඇවිල්ලා

හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට දින තුනකට පසු ඩීසල් ලීටර් 6600 රැගත් බවුසර් රථයක් පැමිණීමත් සමඟ ඉන්ධන ලබා ගැනිමට පෝලිමේ රැදී සිටි රියදුරන් ඉන්ධන නිකුත් කරන අවස්ථාවේ අත්පුඩි ගසමින් සිය සතුට පල කළ බව ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.

ඉන්ධන ලබා ගැනීමට පෝලිමේ රැදි සිටි විශාල පිරිසක් තම වාහන වලට ඩීසල් රැගෙන යාම සදහා බූලි අතැතිව ඉන්ධන පිරවුම්හල් අසල රැදි සිටින අයුරු අප කැමරාවේ සටහන් වුණා.

මේ අතර ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පවතින පෝලිම් ලබන හෙට (08) පමණ වනවිට පහව යනු ඇති බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා.

කෙසේ වෙතත්, දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල ඊයේ රාත්‍රියේත් දිගු වාහන පෝලිම් පැවති බව ඒෂියන් මිරර් වාර්තාකරුවන් සඳහන් කළා.

Rate this item
(0 votes)