May 03, 2024

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගෙන ගිය ඉන්දීය බස් රථයෙන් හිස් උණ්ඩ හමුවෙයි

February 28, 2022

පළමු ටෙස්ට් තරඟයේ පුහුණු සැසිය සඳහා පන්ජාබ් ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණය වෙත ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැගෙන යමින් තිබූ බස් රථයේ තිබී හිස් උණ්ඩ දෙකක් සොයා ගැනුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පෞද්ගලික ප්‍රවාහන ආයතනයකින් කුලී පදනම මත ලබාගෙන තිබූ අදාළ බස් රථයේ තිබී එම හිස් උණ්ඩ සොයාගෙන ඇත්තේ ක්‍රීඩකයන් නැවතී සිටි හෝටලයේ සිට ක්‍රීඩාංගණය වෙත රැගෙන යන අතරතුර සිදුකළ පරීක්ෂාවකදියි.

බස් රථය මීට දින කිහිපයකට පෙර විවාහ උත්සවයක් සඳහා ද යොදාගෙන ඇති බවයි පොලීසිය සිදුකළ විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.

කෙසේ වෙතත් බස් රථ රියදුරුගෙන් මේ වනවිට ප්‍රශ්න කරමින් පවතින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 28 February 2022 15:31